නව වසරේදී රට අලුත් පරිවර්ථනයකට ලක් කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අරඹමින්.
ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බවයි.
එමෙන්ම නීතිය විධානය අධිපත්‍ය යළි තහවුරු කිරීම වෙනුවෙන් රජය විශාල වෙහෙසක් දරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ දූෂණය හා වංචාව තුරන් කිරීමට දේශපාලන අධිකාරියේ මැදිහත්වීම හා ආදර්ශය පමණක් ප්‍රමාණවත් නොවන බවයි.
ඒ සඳහා රාජ්‍ය ආයතන තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි තේරුම් ගෙන ඒ සඳහා සහය ලබාදිය යුතු බවද ඔහු කියා සිටියා.
(colombotimes.lk)