හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල නීතීඥවරයෙක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.
තමන් මීට පෙර සිදු කළ ප්‍රකාශයට අදාළ සියළු ලිඛිත තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදුන් බවත් බැසිල් රාජපක්ෂගේ ඇමරිකානු දේපළ පිළිබඳ තොරතුරු එම ලිපිගොනුවල අඩංගුවන බවත් විමල් වීරවංශ සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් දුන් තොරතුරුවල සඳහන්ව ඇත්තේ බැසිල් රාජපක්ෂගේ වත්කම්වලින් සීමිත කොටසක් පමණක් බවයි.
සෙසු දේපළ පිළිබඳව රජයට අවශ්‍ය තොරතුරු ඇමරිකාවෙන් ඉතා ඉක්මනින් ලබාගත හැකි බවද ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)