12 December 2024


රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ජනපතිගෙන් උපදෙස්



රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (12) පැවති සාකච්ඡාවේදීයි.

රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකුව විසින් ගත යුතු සෑම පියවරක්ම ගන්නා ලෙසද ඊට රජයේ සහයෝගය හා පහසුකම් සැලසීම සිදු කරන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

බැංකු මූල්‍ය කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මනා යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)