12 May 2025


ජනපති ඉන්දුනීසියාවේ සමුද්‍ර කටයුතු අමාත්‍යවරයා හමුවෙයි



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියානු ජනරජයේ සමුද්‍රීය හා ආයෝජන කටයුතු සම්බන්ධීකරණ අමාත්‍ය Luhut Binsar Pandjaitan මහතා හමු වී තිබෙනවා.

එම හමුව ජනාධිපතිවරයාගේ ඉන්දුනීසියානු නිල සංචාරයේදී ඊයේ (19) කුරා කුරා බාලි දූපතේ එක්සත් විවිධත්ව බාලි මණ්ඩපයේ (UIDBC) සිදු වූ බවයි වාර්තා වන්නේ.

එහිදී ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය, ශ්‍රී ලංකාවේ නිවර්තන කලාප මුලපිරීම, නිල් ආර්ථිකය සහ මුහුදු පැලෑටි කර්මාන්තය වැනි ප්‍රධාන මාතෘකා සාකච්ඡා කර තිබෙනවා.
(colombotimes.lk)