රජය ඇණවුම් කළ සහල් තොග ලක් සතොස හා සමූපකාර හරහා බෙදා හැරීම අද (01) සිට ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ ඇණවුම් කළ සහල්වල පළමු සහල් තොගය මේ වන විට දිවයිනට ලැබී ඇති බවයි.
එහි සහල් මෙට්‍රික් ටොන් 780ක් තිබෙන බවද ඔහු කියා සිටියා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන් සහල් මෙට්‍රික් ටොන් 200ක් ලක් සතොස හරහා අලෙවි කරන බවයි.
තවත් සහල් මෙට්‍රික් ටොන් 26000ක් ඇණවුම් කිරීම සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා අවසන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ පෞද්ගලික අංශය මඟින් ඇණවුම් කළ සහල් මෙට්‍රික් ටොන් 80000ක් වෙළෙඳපොළට මුදා හැර ඇති බවයි.
(colombotimes.lk)