රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) සිව්වන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.
ඔවුන් මෙම වර්ජනය පසුගිය 19 වනදා ආරම්භ කළා.
ඒ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින්.
විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තාවකාලිකව හෝ එම ධූරයෙන් ඉවත්කරන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහරින බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත සඳහන් කළා.
(colombotimes.lk)