colombotimes.lk
සිංහල | English

08 September 2024


සාගල සහ සුසිල් හදිසියේ මහින්ද හමුවෙයි



සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (27) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී තිබෙනවා.

ඒ සිය විජේරාම නිල නිවසේදීයි.

මෙහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සාගල රත්නායක සහ සුසිල් ප්‍රේමජයන්ත හට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

මෙහිදී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ සඳුදා දේශපාලන මණ්ඩලය සමඟ සාකච්ඡා කර තම තීන්දුව ගැන දැනුම් දෙන බවයි.

(colombotimes.lk)