යුක්‍රේනය හා ප්‍රංශය අතර ආරක්ෂක ගිවිසුමක්



යුක්‍රේනය හා ප්‍රංශය ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට එළැඹ තිබෙනවා.

ඒ වසර වසර 10ක් සඳහායි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රංශයේ සංචාරයක නිරත යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙම ගිවිසුම සඳහා අත්සන් තබා ඇති බවයි.

එසේම ප්‍රංශ ජනාධිපතිවරයා යුරෝ බිලියන 03ක් වටිනා අතිරේක යුද ආධාර තොගයක් යුක්‍රේනයට වෙත ලබාදීමටද එකඟතාවය පළ කර තිබෙනවා.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ප්‍රංශය සමඟ ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට එළැඹීමට පැය කිහිපයකට පෙර යුක්‍රේන ජනාධිපතිවරයා ජර්මනිය සමඟ ද එවැනිම ගිවිසුමකට එළැඹ ඇති බවයි.

(colombotimes.lk)