colombotimes.lk
සිංහල | English

18 October 2024


කමල් හසන් රඟන ඉන්දියානු 2 පළමු සතිය තුළ කෝටි 70ක් උපයයි



කමල් හසන් රංගනයෙන් දායක වන ඉන්දියානු 2 චිත්‍රපටය පළමු සතිය තුළ රුපියල් කෝටි 70ක් උපයා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එස්. ශංකර් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ සේනාපතිගේ චරිතයට කමල් හසන් රංගනයෙන් දායක වනවා.

චිත්‍රපටය නිකුත් වූ හත්වන දිනයේ දී එහි ඉපැයීම්වල සුළු අඩුවීමක් වාර්තා වන බවයි සඳහන් වන්නේ.

නමුත් Sacnilk.comට අනුව, ඉන්දියානු 2 චිත්‍රපටය සිනමාහල්වලට පැමිණ සතියක් ඇතුළත දැනටමත් ඇස්තමේන්තුගත රුපියල් කෝටි 70ක ශුද්ධ ආදායමක් උපයා තිබෙන බව සඳහන්.

(colombotimes.lk)