colombotimes.lk
සිංහල | English

08 September 2024


ඔලිම්පික් උළෙලේ උණුසුමත් සමඟ ප්‍රංශයේ දුම්රිය මාර්ග ගිනිබත් වෙයි



පැරිස් ඔලිම්පික් උළෙල ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර ප්‍රංශයේ දුම්රිය මාර්ග කිහිපයක් ගිනි තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එලෙස ගිනි තබා ඇත්තේ පැරිසියේ සිට බටහිරට, උතුරට සහ නැගෙනහිරට ධාවනය වන TVG අධිවේගී දුම්රිය මාර්ගවලට බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර දුම්රිය මගීන් ලක්ෂ 08කට ආසන්න ප්‍රමාණයක් අපහසුතාවයට පත් ව තිබෙනවා.

(colombotimes.lk)