colombotimes.lk
සිංහල | English

08 September 2024


සඳ ගමනට වසර 55ක් සපිරෙයි



මිනිසා පළමු වරට සඳ මත පා තබා අදට (20) වසර 55ක් සපිරෙනවා.

1969 වසරේ ජුලි 20 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 1.50ට පමණ ඇපලෝ 11 සඳ මත ගොඩබැසීම සිදු වුණා.

නීල් ආම්ස්ට්‍රෝන්ග් ඉන් පැය 6කට පසුව, සඳ මත පා තැබූ ප්‍රථම මිනිසා වීමේ භාග්‍යය හිමි කරගත්තා.

සඳ තරණය සඳහා ගමන් කළ ගගනගාමීන් තිදෙනා වන නීල් ආම්ස්ට්‍රෝන්ග්, එඩ්වින් ඕල්ඩ්රින් සහ මයිකල් කොලින්ස් රැගත් ඇපලෝ 11 යානය සඳ ගමන ආරම්භ කලේ 1969 වසරේ ජුලි 16වනදායි.

ඒ ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ මගපෙන්වීම යටතේයි.

මෙම සුවිශේෂී යානය අභ්‍යවකාශගත කරනු ලැබුවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්.

(colombotimes.lk)