සතියකට පෙර පුත්තලම ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් 17 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර තිල්ලයාඩි මුස්ලිම් මහා විද්‍යාලයේ ක්‍රීඩා හා විනය භාර ගුරුවරයාට පහරදුන් තවත් සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පාසල් නිල ඇඳුමට සරිලන පරිදි කොණ්ඩය සහ රැවුල සකසන ලෙසට උපදෙස් දීම නිසා සිසුන් ගුරුවරයාට පහර දී ඇති බවයි පොලිසිය පවසන්නේ.
ප්‍රහාරයට සම්බන්ධ සිසුන් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට පාසලට පැමිණි අවස්ථාවේදී විදුහල්පතිවරයා ඔවුන් ආපසු හරවා යවා තිබෙනවා.
ඒ පාසල් ඇඳුමට ගැළපෙන පරිදි කොණ්ඩය සහ රැවුල කපා ගන්නා ලෙස උපදෙස් දීමෙන් අනතුරුවයි.
සිසුන් එසේ කර ඇති අතර අඟහරුවාදා (23) යළිත් වරක් තම ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා පාසලට පැමිණ තිබුණා.
කෙසේ වෙතත් තමාට සිදු වූ දෙයට විරෝධය පළකරමින් එම සිසුන් පිරිසක් මාර්ගය අවහිර කරමින් ඔවුන්ගේ පාසල් පොත්පත් ඉරා දමා තිබුණා.
ඉන් අනතුරුව සිසුන් පාසල ආසන්නයේම පිහිටි පාසලේ විනය භාරගුරුවරයාගේ නිවසට ගොස් ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය මේ වන විට විමර්ශන සිදු කරන අතර පහරදීමට සම්බන්ධ සිසුන් 5 දෙනාගෙන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)