13 January 2025


බොරතෙල් මිල ඉහළ යන ලකුණු



සෞදි අරාබිය සිය තෙල් නිෂ්පාදනය අඩුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනූව ජූලි මාසයේ සිට දිනක නිෂ්පාදනය තවත් බැරල් මිලියන 01කින් අඩු කිරීමට ඔවුන් තීරණය කර ඇති බව සඳහන්.

එම තීරණයත් සමඟ අද(05) දිනයේ දී තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලරයකට වඩා වැඩි වන බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 77.64ක් වූ අතර එය අමෙරිකානු ඩොලර් 1.51කින් හෝ 2%කින් ඉදිරියේදී ඉහළ යනු ඇති බවයි.

ලොව ඉහළම තෙල් අපනයනකරු වන්නේ සෞදි අරාබියයි.
(colombotimes.lk)