ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පැන වූ තීරුබදු හමුවේ කලාපීය අපනයනකරුවන්ට සාපේක්ෂව මෙරට මුහුදු ආහාර අපනයනකරුවන්ට දැඩි බලපෑමක් එල්ල වන බව ශ්‍රී ලංකා මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමය සඳහන් කළේ ශ්‍රී ලංකාව විසින් ඇමරිකාවට 25%ක පමණ මුහුදු ආහාර අපනයනයක් සිදු කරන බවයි.
කෙසේ වෙතත් වියට්නාමය සහ පිලිපීනය වැනි රටවල අඩු තීරුබදු ප්‍රතිශතයක් පැවතීම හමුවේ එය මෙරටට දැඩි බලපෑමක් ඇති කරන බව එම සංගමය පෙන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකා මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එළඹෙන අගෝස්තු 1වනදාට පෙර කලාපීය තරඟකරුවන්ට සැසඳිය හැකි මට්ටම්වලට තවදුරටත් තීරුබදු අඩු කිරීමට රජය විසින් සාකච්ඡා මාර්ගවලට යොමුවිය යුතු බවයි.
(colombotimes.lk)