26 June 2025

logo

Oxford ශබ්ද කෝෂයට එකතු වූ ශ්‍රී ලාංකික වචන මෙන්න



ලොව පිළිගත් ප්‍රමුඛ ඉංග්‍රීසි ශබ්දකෝෂයක් වන ඔක්ස්ෆර්ඩ් (Oxford) ඉංග්‍රීසි ශබ්දකෝෂය සඳහා ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන වචන කිහිපයක් අලුතින් ඇතුළත් කර තිබෙනවා.

එම ශබ්දකෝෂයේ 2025 ජුනි යාවත්කාලීන කිරීම සඳහා මෙම භාෂාමය මෙන්ම සංස්කෘතික වැදගත්කමක් ඇති නව වචන ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස අලුතින් එක්වූ වචන අතරට කොත්තු රොටි (kottu roti), මැල්ලුම් (mallung) යන වචන ඇතුළත් වන අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය සංගීත අංගයක් වන පපරේ (papare) ද ශබ්දකෝෂය සඳහා ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

එ‍මෙන්ම ඊට අමතරව කිරිබත් (kiribath), වටලප්පම් (watalappam), ඔසරි (osari), වලව්ව (walawwa) යන වචනද ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කර තිබෙනවා. 

(colombotimes.lk)