මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් මහජන බැංකුව අනුරාධපුරයේදී පිංකම් රැසක් සංවිධානය කර තිබුණා.
ඒ අනුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අසල සිල් සමාදන් වූ උවසු - උවැසියන් 30,000කට අධික ප්‍රමාණයට 42වන වරටත් උදෑසන හීල් දානය පිරිනමා තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මහජන බැංකුව 19 වන වරටත් ඉදිරිපත් කළ පොසොන් බොදු ගී සරණිය පොසොන් පොහෝ දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අබියසදී උත්කර්ෂවත් අයුරින් පවත්වා තිබෙනවා.
එමෙන්ම මහජන බැංකු කාර්ය මණ්ඩලය විසින් පොසොන් පෝයට පෙරදින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස සවස ගිලන්පස පූජාව පවත්වා තිබෙනවා.


