25 March 2025


මඟ නැවතුණු ජල යෝජනා ක්‍රම යළි අරඹයි



සංවර්ධන කටයුතු ප්‍රමාද වී ඇති ජල යෝජනා ක්‍රම සහ ප්‍රජා ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ ජාතික  ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සංවිධානය  කළ  ලෝක ජල දින සමරුමට සහභාගී වෙමින්.

එහිදී ජල සම්බන්ධතා ලබාදීම සඳහා නිර්මාණය කළ විශේෂ මෘදුකාංගයක් එළිදැක්වීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්  සිදු වුණා.

ජල සම්පාදන කටයුතු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට 2025 වසරේ මංගල අයවැය මඟින් රුපියල් මිලියන 41,234ක අරමුදල් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)