colombotimes.lk
සිංහල | English

24 September 2024


නව ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්



රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි සියල්ල පාලනයට පියවර ගන්නා බව නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ ඊයේ (23) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩභාරගැනීමේ අවස්ථාවට එක්වෙමින්.

යුධ හමුදාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට තමා කටයුතු කරන බව ද නව ආරක්ෂක ලේකම්වරයා එහිදී පවසා තිබෙනවා.  

(colombotimes.lk)