colombotimes.lk
සිංහල | English

17 October 2024


මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර



ලෙබනනය ඇතුළු මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වයත් සමඟ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව  විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ රටවල දූත මණ්ඩල හරහා ලාංකිකයන්ට අවශ්‍ය උපදෙස් නිරන්තරයෙන් ලබාදෙන බවයි.
 
එම උපදෙස් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය මැදපෙරදිග සිටින ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ සිටින ලාංකිකයන්ගේ ඥාතීන්ට ඕනෑම හදිසි අවස්ථාවකදී තොරතුරු ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හා සම්බන්ධවීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.  

ඒ අනුව 0112 33 88 12 සහ 0117 71 11 94 යන දුරකථන අංක ඔස්සේද අදාළ තොරතුරු ලබාගැනීමට හැකියාව පවතිනවා.

(colombotimes.lk)