colombotimes.lk
සිංහල | English

17 October 2024


NZ Vs IND - 1st Test | ඉන්දීය පළමු ඉනිම ලකුණු 46කට සීමා වෙයි



ස‍ංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (17) ආරම්භ වුණා.

ඒ ඉන්දියාවේ බැන්ගලෝර්හීදීයි.

තරගයේ පළමු දිනය ඊයේ (16) වුවත් එහිදී පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය පැවැත්වීමට නොහැකි වුණා.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 46ක් පමණයි.

එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රිශාබ් පාන්ට් ලකුණු 20ක් සහ යසස්වි ජයිස්වාල් ලකුණු 13ක් රැස් කළා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මැට් ලකුණු 15ට කඩුලු 5ක් බිඳ දැමුවා.

මෙය වාර්තා අතර්ට එක් වුණේ ඉන්දීය කණ්ඩායම ටෙස්ට් ඉනිමකදී දැවී ගිය 3වන අඩුම සංඛයාව ලෙසයි.

(colombotimes.lk)