26 December 2024


අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලි සමාලෝචනය කිරීමට පියවර



අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පසුගිය පස් වසර තුළ අනුගමනය කළ විවිධ ක්‍රියාදාමයන් සමාලෝචනය කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එහි ලේකම් නාලක කළුවැව සඳහන් කළේ පසුගිය කාලයේ කමිටු කිහිපයක් හා ජාතික අධ්‍යාපන ආයතනය වැනි ආයතනික ව්‍යුහයන් හරහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධ යෝජනාවලි ඉදිරිපත්වී ඇති බවයි.

අදාළ යෝජනා හා ක්‍රියාපිළිවෙත් සමාලෝචනයෙන් පසු වත්මන් රජයේ ප්‍රතිපත්ති සමඟ ගැළපෙන ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් කඩිනමින් හඳුන්වාදෙන බවද ලේකම්වරයා ප්‍රකාශ කළා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ සිසුන්ට පීඩනයක් ඇති නොවන නූතන රැකියා වෙළෙඳපොලට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් බිහි කිරීම වත්මන් රජයේ අරමුණ බවයි.

(colombotimes.lk)