12 May 2025


ඉරාන තානාපතිවරයාට පහර දුන් ව්‍යාපාරිකයා යළි රිමාන්ඩ්



කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී මෙරට ඉරාන තානාපතිට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ව්‍යාපාරිකයා අද (20) දින අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ එම සැකකරුව මෙම මස 22 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
(colombotimes.lk)