colombotimes.lk
සිංහල | English

08 September 2024


ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට තිසරගෙන් චෝදනාවක්



ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට චොදනා එල්ලකර තිබෙනවා.

සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, තමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු බලධාරීන් විසින් කොන් කර ඇති බවයි.

තේරීම් කමිටුවේ අවබෝධයක් නොමැතිකම ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් ඉවත්කර නුසුදුසු තේරීම් කිරීමට මඟ පෑදූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මීට අමතරව ලෝක කුසලාන තරගාවලියේදී දක්ෂ හා සුදුසු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීමට තේරීම් කමිටුව ප්‍රමුඛත්වය නොදුන් බවයි ඔහු පැවසුවේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, බලධාරීන් විසින් නව තේරීම් කමිටුවක් පත් කළහොත් පමණක් නැවත පැමිණ වසරක් හෝ දෙකක් ක්‍රීඩා කිරීමට තමන් සූදානම් බවයි. 
(colombotimes.lk)