හැටන්, දිඹුලපතන, අර්ගිල් වතුයායේ හින්දු කොවිලේ නුග ගසකට අකුණු සැර වැදී ගසේ කොටසක් ලොරි රථයකට සහ නිවසකට වැටීමෙන් බරපතල ලෙස හානි සිදු වී තිබෙනවා.
එහිදී පුද්ගලයන් තිදෙනෙක්ට තුවාල සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
අකුණු සැර වැදීමෙන් ගස කඩා වැටුණු අවස්ථාවේ ඒ අසලින් ධාවනය වූ ලොරි රථයකටද හානි සිදුවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ලොරි රථයේ රියදුරාට සහ ඒ අසල පිහිටි නිවසක මුළුතැන්ගෙයි සිටි දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි.
(colombotimes.lk)