රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 2017 - 2019 කාලයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙක් ලෙස සිටි තුසිත හල්ලොලුව යළි රක්ෂිත බන්ධාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ ජුනි 04වනදා දක්වයි.
කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.