TikTok සමාජ මාධ්‍ය ජාලයේ සුප්‍රසිද්ධ අමෙරිකානු ගායිකා Cat Janice මිය ගොස් තිබෙනවා.ඇය මිය යන විට 31 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.ඉතා දුර්ලභ රෝගයක් වන 'sarcoma' නම් අස්ථි හෝ මෘදු පටක වල ඇති වන පිළිකා තත්වයක් ඇයට වැළදී තිබෙනවා.එහිදී සිය රෝගී තත්වයට ප්‍රතිකාර ගන්නා අතරතුරදී ඇය සිය ගීත වල අයිතිය හත් හැවිරිදි පුත් ලෝරෙන්ට පැවරූ බව විදෙස් වාර්තා සඳහන් කළා. (colombotimes.lk)