අපේම මිනිසුන් අපට අහිමි කළ සුනාමි ඛේදවාචකයට අදට (26) විසි වසරක් සපිරෙනවා.
2004 දෙසැම්බර් මස 26 වන නත්තල් මිහිරත් උදුවප් පොහොය දිනයේ පින්බර බවත් එකට මුසු වූ ඉරිදා දිනයක්.
කිතුණුවන් නත්තලේ අසිරියත්, බෞද්ධ ජනතාව උඳුවප් පුන් පොහෝ දින ආගමික වතාවත්වල නිරතවෙමින් සිටියේ නව වසරේ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් පෙරදැරි කරගනිමින්.
කෙසේ වෙතත් එය කිසිවෙකුටත් නොදැනෙන ලෙස ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අවට ගැඹුරු මුහුදු පතුලේ දැවැන්ත භූකම්පනයක් හට ගැනුණා.
ශ්‍රී ලංකාව වේලාවෙන් පෙරවරු 7.58ට පමණ සිදු වූ එම භූකම්පනය රික්ටර් මාපක අංක 9.3ක් ලෙස සටහන්වී තිබුණා.
මෙම භූකම්පනයෙන් ඇතිවූ උදම් රළ මෙරට උතුරු සහ නැගෙනහිර වෙරළ ප්‍රදේශ ආක්‍රමණය කරමින් පෙ.ව. 8.50ට පමණ කඩා වැදුණා.
රුදුරු ජල කඳෙන් දිවි රැකගනු පිණිස ජනතාව හිස හැරුණු අතට දිවයන විට කිසිවෙකුත් නොසිතූ පරිදි පෙ.ව. 9.25ට පමණ දකුණු සහ බස්නාහිර වෙරළ ප්‍රදේශ ආක්‍රමණය කළේ ජීවිත රැසක් බිලි ගනිමින්.
ඒ වනවිට සුනාමිය යන වචනය පිළිබඳව අවබෝධයක් නොතිබූ මෙරට ජනතාව 'මුහුද ගොඩ ගැලීම' යනුවෙන් එය හැඳින්වූවා.
මෙම රුදුරු ව්‍යසනයෙන් ලෝකයේ 232,000කට ආසන්න පිරිසකට දිවි අහිමි වුණා.
එමෙන්ම ශ්‍රී ලාංකිකයන් 35,322කට පිරිසකටත් තම ජීවිතවලට සමුදීමට සිදුවුණා.
මීට අමතරව 5,000කට අධික පිරිසක් අතුරුදන් වී තිබෙන බවයි වාර්තා වන්නේ.