colombotimes.lk
සිංහල | English

26 June 2024

නියාමක මඟ හලා ත්‍රි‘මලේ දුම්රිය යන්න යයි



කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමගදී බිම ඇද වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් වෙනත් නියාමකවරයකු යොදවා එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ සිට ඉදිරියට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

මෙම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ අද (16) අලුයම නතර කිරීමෙන් පසු යළි ගමන් ආරම්භ කිරීම සඳහා නියාමකවරයාගෙන් සංඥා ලැබී නැති අතර සිදු කළ සොයා බැලීමේ දී නියාමකවරයා මැදිරියේ නොසිටි බවට හෙළි වී තිබෙනවා.

දුම්රිය ධාවනය වෙමින් පැවතියදී බුළුගහගොඩ ප්‍රදේශයේ දී නියාමකවරයා දුම්රියෙන් බිම ඇද වැටි රෝහල් ගත කර ඇති බවට පසුව අනාවරණය වී තිබෙනවා.

පසුව වෙනත් නියාමකවරයෙකු යොදවා දුම්රිය යළි ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)