යාපනයේ සිට හම්බන්තොට බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක රුපියල් ලක්ෂ 15ක් වටිනා මත්පෙති තොගයක් රැගෙන යමින් සිටි මගීන් දෙදෙනෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින්.
පොලීසිය සඳහන් කළේ සැකකරුවන් විසින් මත්පෙති දස දහසකට අධික ප්රමාණයක් කාඩ්බෝඩ් පෙට්ටි 04ක සුරක්ෂිත ලෙස අසුරා තිබූ බවයි.
එමෙන්ම ඔවුන් විසින් මෙම මත්පෙති පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් අලෙවි කරන බවට තොරතුරු සොයා ගෙන තිබෙනවා.
පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)