24 March 2025


සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට UNOPSහි සහය අඛණ්ඩව



එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ චාල්ස් කැලනන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයි.

එහිදී මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව චාල්ස් කැලනන් ප්‍රකාශ කළා.

මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සහ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව විශ්ලේෂණය කරමින් අවශ්‍යතාවය පරිදි එම ව්‍යාපෘති කඩිනම් කිරීම, ඉදිරි සැලසුම් සකස් කිරීම වැනි කරුණු මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

(colombotimes.lk)