නායයාම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවූ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේ එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය යළි සාමාන්‍ය පරිදි සිදු කරන බවයි.
ප්‍රමාදයට ලක්වූ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනයවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනයවීමට නියමිත දුම්රිය ධාවනය මේ වන විට ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)