colombotimes.lk
සිංහල | English

02 May 2024

‘වැට්’ ලියාපදිංචි සහතිකය අදාළ ආයතනවලට පණිවිඩයක්



‘වැට්’ ලියාපදිංචි සහතිකය අදාළ ආයතනය තුළ පැහැදිළිව පෙනෙන ලෙස ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. 

එමෙන්ම එම ආයතනයේ ශාඛා තිබේ නම් එම ආයතනවල ද ‘වැට්’ ලියාපදිංචි සහතිකයේ පිටපතක් ප්‍රදර්ශනය කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 
 
‘වැට්’ ලියාපදිංචි වී ඇති සියලුම නිෂ්පාදකයන්, ආනයනකරුවන්, සේවා සැපයුම්කරුවන් සහ භාණ්ඩ සැපයුම්කරුවන් ‘වැට්’ ලියාපදිංචි අංකය ඔවුන්ගේ ලදුපතේ පැහැදිළිව සටහන් කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
(colombotimes.lk)