01 April 2025


උඩවලව ජලාශයට වෑන් රථයක් පෙරළෙයි



උඩවලව ජලාශයට වෑන් රථයක් පෙරළීයාමෙන් අද (30) අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් වෑන් රථයේ ගමන්ගත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා උඩවලව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරට හේතුව තවමත් අනාවරණය වී නොමැති බවයි.

අදාළ සිඳුවීම සමබන්ධයෙන් උඩවලව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.