02 April 2025


මෙරට වෙළඳපොළේ රන් මිලෙහි පෙරළියක්



පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (01) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 932,897ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය පසුගිය පෙබරවාරි 28වනදා සටහන් වුණේ රුපියල් 913,296ක් ලෙසයි.
 
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 241,350ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 30,170ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,910ක් ලෙස සටහන් වුණා.

 
(colombotimes.lk)