02 April 2025


නයිට් ක්ලබ් සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඇප



හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ තම බිරිඳ සමඟ කොම්පඤ්ඤ වීදියේ පිහිටි සමාජ ශාලාවකට පැමිණි අවස්ථාවේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අද (01) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර කළ නියෝගයක් මතයි.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට සැකකරුවන් භාරවීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර අද සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා යොමු කළා.

කොටුව මහේස්ත්‍රාත්වරියගේ ආරාධනයෙන් නිල නොලත් මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පෙරට්ටුව පැවති අතර එහිදී රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත ඔවුන් මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)