02 April 2025


පළාත් සභා මැතිවරණය මේ වසරේ නොපැවැත්වීමට තීරණයක්



පළාත් සභා මැතිවරණය මේ වසරේ නොපවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ පානදුරේ පැවති මැතිවරණ රැලියකට එක්වෙමින්.

එහිදී ඔහු සඳහන් කළේ එළඹෙන පළාත් පාලන මැතිවරණයත් සමඟ මාස කිහිපය ඇතුළත මෙරට මැතිවරණ 3ක්ම පවත්වා ඇති බවයි.

රජයට සෑම විටම මැතිවරණ පැවැත්විය නොහැකි බවත් රටේ සංවර්ධන වැඩසටහන්ද ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

 
(colombotimes.lk)