colombotimes.lk
සිංහල | English

08 September 2024


වනිඳු යළි පිටියට



2019 සහ 2023 යන ලෝක කුසලාන දෙකම අහිමි වීම පිළිබඳ තමන් දැඩි ලෙස කනගාටු වන බව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පවසනවා.

එසේම තමන් සෑම අවස්ථාවකදීම රට වෙනුවෙන් ක්‍රීඩා කළ බව ද ඔහු සඳහන් කළා.

ඔහු පැවසූවේ LPL තරගාවලියෙන් පසු තමන්ගේ ආබාධය යම් පමණකට සුව වී තිබුණ ද පුහුණු වීම් ඇරඹූ පසු තමන් යළි ආබාධයට ලක් වූ බවයි.

ශල්‍යකර්මයෙන් පසු සති 12ක කාලයක් විවේකයෙන් සිටිය යුතු බවත් මේ වන විට ශල්‍යකර්මය සිදු කර සති 05ක් ගත වී ඇති බවත් වනිඳු හසරංග ප්‍රකාශ කළා.

එළැඹෙන සතියේ සිට නැවත සිය පුහුණු වීම් අරම්භ කරන බව ද වනිඳු කියා සිටියා.
(colombotimes.lk)