colombotimes.lk
සිංහල | English

08 September 2024


ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා විය යුත්තේ කවුද? - වාස් සහ මාවන් පිළිතුරු දෙයි



ශ්‍රී ලංකාව සිය ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා දීර්ඝ කාලීන නායකයෙකු කෙරෙහි අවධානය යොමු කළ යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ විස්තර විචාරක මාවන් අතපත්තු මහතා පවසනවා. 

රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් මාවන් අතපත්තු පැවසුවේ සැලසුමක් සකස් කර ඉදිරි වසර දෙක තුන සඳහා ක්‍රිකට් කණ්ඩායමේ කාලසටහන හොඳින් විශ්ලේෂණය කිරීමෙන් පසුව එය තීරණය කළ යුතු බවයි. 
 
නායකයා තෝරාගත යුත්තේ කණ්ඩායමේ අවශ්‍යතා මත මිස වෙනත් ආකාරයකින් නොවන බව ද ඔහු සඳහන් කළා. 
 
එමෙන්ම නායකයා කණ්ඩායමේ ස්ථානයක් සොයා ගත යුත්තේ ඔහු නායකයා නිසා නොව ඔහුගේ දස්කම් නිසා බව ඔහු වැඩිදුරටත් පැවසුවා. 
 
එමෙන්ම නායකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් ප්‍රකාශ කළේ වත්මන් තත්ත්වය මත ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් දෙකෙහිම නායකත්වයට ධනංජය ද සිල්වාට නායකත්වය දීමට තමන් කැමති බවයි. 
 
පිතිකරණ අනුපිළිවෙල සම්බන්ධයෙන් ධනංජය ද සිල්වාට අසාධාරණයක් සිදුවී ඇති බව පෙන්වා දුන් වාස්, ඔහු මැදපෙළ සිටින ස්ථානයට වඩා ODI හි අංක 4 හි ක්‍රීඩා කළ යුතු බව ද සඳහන් කළා.
(colombotimes.lk)