03 May 2025


රේගු බදු නොගෙවා මෙරටට භාණ්ඩ තොගයක් ගෙනා කාන්තාවක් කොටු වෙයි



රේගු බදු නොගෙවා රට තුළට රන් භාණ්ඩ, ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදීයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 63ක් වන මත්තේගොඩ පදිංචිකාරිනියක් බව පොලීසිය සඳහන් කළා.

ගුවන්තොටුපළ පොලිස් ස්ථානයේ නිලධාරීන් සඳහන් කළේ අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර රන් මාල 23ක්, රන් කැබැල්ලක්, වළලු 3ක්, බ්‍රේස්ලට් එකක්, ලැප්ටොප් පරිගණක 6ක් සහ ජංගම දුරකථන 11ක් ඇතුළත් බවයි.

(colombotimes.lk)