03 May 2025


බිහිසුණු අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට



බෙලිඅත්ත සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ ත්‍රීරෝද රථයක් ගැටී අද (02) අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදීයි.
 
අනතුරෙන් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වන අහංගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.


(colombotimes.lk)