colombotimes.lk
සිංහල | English

26 June 2024

ලෝක ශූර එංගලන්තය නූලෙන් සුපිරි 8ට



2024 T20 ලෝක කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට වත්මන් T20 ලෝක ශූරයන් වන එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ ඊයේ (15) නැමීබියා කණ්ඩායමට එරෙහිව ලැබූ ලකුණු 41ක ජයග්‍රහණය මෙන්ම අද (16) උදෑසන ස්කොට්ලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති තරගයේ ප්‍රතිඵලයත් සමඟින්.

අද උදෑසන පැවති ස්කොට්ලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර තරගය ස්කොට්ලන්තය ජයග්‍රහණය කළේ නම් ස්කොට්ලන්තය සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නා අතර, එංගලන්ත කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවනවා.

කෙසේ වෙතත් එම තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වූ නිසා එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 5ක් ලබාගෙන සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.

(colombotimes.lk)