02 May 2025


ලෝක කම්කරු දිනය අදයි



ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබෙනවා.

සෑම වසරකම මැයි පළමු දින ලෝක කම්කරු දිනය සමරනු ලබන්නේ 1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදු කළ උද්ඝෝෂණයකට පොලීසිය එල්ල කළ ප්‍රහාරයකින් මියගිය කම්කරුවන් සිහිකරමින්.

ඒ අනුව ලොව සෑම රටක්ම මැයි පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලී, රැලි සංවිධානය කර තිබෙනවා.

දහඩිය මහන්සියෙන් ලෝකය ලස්සන කරන්නට වෙර දරන අපේම ජනතාවට අද දවස උපහාරයක්ම වේවා !

මැයි දිනය වෙනුවෙන් Colombo Times අපගේ සුබ පැතුම පහතින්,



(colombotimes.lk)