12 May 2025


අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වූ පවුල් සංඛ්‍යාව ඉහළට



දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 4,786ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව නිවාස 32කට අර්ධ හානි සිදුවී ඇති අතර පවුල් 37ක පුද්ගලයින් 1,140 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පවතින අධික වැසි තත්වය හේතුවෙන් බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක 08 සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)