colombotimes.lk
සිංහල | English

26 June 2024

ඉදිකිරීම් යළි අරඹන්න - ජනතාවගෙන් ඉල්ලීමක්



සිමෙන්ති සහ කම්බි ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ගණන් අඩු වෙමින් පවතින බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා.

ඒ අනුව යළිත් වරක් ඉදිකිරීම් කටයුතු අරඹන ලෙස එම සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකාව පසුගිය සමයේ මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සහ අමුද්‍රව්‍ය රැසක මිල ගණන් සීඝ්‍රයෙන්  ඉහළ ගොස් තිබුණා.

(colombotimes.lk)