colombotimes.lk
සිංහල | English

08 September 2024


රනිල් සහ බැසිල් අතර තීරණාත්මක සාකච්ඡාවක්



ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවැත්වුණා.

එහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව සහ ගොඩනැගීමට නියමිත සන්ධානය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ.
 
ජනාධිපතිවරයා විසින් පළාත් පාලන ආයතන සදහා 30%ක්, පළාත් සභා සඳහා 35%ක් සහ පාර්ලිමේන්තුව සදහා 40% බැගින් කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බව මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එසේම බැසිල් රාජපක්ෂ විසින් පළාත් පාලන ආයතන සඳහා 90%ක්, පාර්ලිමේන්තුව සඳහා 70%ක්  සහ පළාත් සභා සඳහා 70%ක් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ අතර මේ හෙට (28) නැවත ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හමුවීමට නියමිතයි.

(colombotimes.lk)