ඡන්ද විමසීමේ කටයුතු අවසන් වූ පසු පස්වරු 5.00 සිට තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන් අනතුරුව ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.
එමෙන්ම පළමු නිල ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 10.00ට පමණ ලබාදීමට හැකිවන බව අද (14) උදෑසන පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)