කැලණිතිස්ස බලාගාරය සති 06 කට වසා දැමෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
ගෑස් සහ ටර්බයින කොටසේ මෙම නඩත්තු කටයුත්ත සිදුවන බවයි එම මණ්ඩලය පැවසුවේ.
ඒ අනුව ඊයේ දින සිට ඉදිරි සති 06 ක කාලය තුළ මෙම නඩත්තු කටයුතු සිදු කිරීමට නියමිතයි.
මේ හේතුවෙන් මෙගාවොට් 165 ක් ජාතික පද්ධතියට අහිමි වනවා.
කෙසේවෙතත් විදුලිබල මණ්ඩලය පවසන්නේ මේ හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමට බාධාවක් සිදු නොවන බවයි.
(colombotimes.lk)