23 April 2025


පුද්ගලයෙක්ට මාසිකව අවශ්‍ය වන අවම මුදල මෙන්න



නිල දරිද්‍රතා රේඛා සටහනෙහි පෙබරවාරි මාසය සඳහා වන දත්ත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 2025 පෙබරවාරි මාසය වෙනුවෙන් නිකුත් කර ඇති මෙම නවතම සටහනට අනුව පුද්ගලයෙක් හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක​ට අවශ්‍ය කරන අවම මුදල සඳහන් වන්නේ රු. 16,318ක් ලෙසයි.

දිස්ත්‍රික්ක වශයෙන් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් දැරිය යුතු වැඩිම මුදල කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

එම මුදල දැක්වෙන්නේ රු.17,599ක් ලෙසයි.

එහි අඩුම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම අගය රු.15,603ක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ 2025 පෙබරවාරි මාසයේදී වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (NCPI) අගය පෙර මාසයට සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම මෙලෙස නිල දරිද්‍රතා රේඛාව පහළ යාමට හේතු වී ඇති බවයි.

(colombotimes.lk)