colombotimes.lk
සිංහල | English

02 May 2024

කැලණිය සරසවි සිසුන් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ලේ විරෝධතාවයක



කැලණිය සරසවි සිසුන් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ලට ඇතුළු වී විරෝධතාවක නිරතවන බව Colombo Times වාර්තාකරු පැවසුවා.

ඒ සඳහා සිසුන් 350ක පමණ පිරිසක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ. 
 
කැලණිය විශ්වවිද්‍යාලය අසළ පැවති සිසු විරෝධතාවය විසුරුවාහැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ඊයේ රාත්‍රී කාලයේදීයි. 
 
මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් නුවර දෙසට ගමන්කරන මංතීරුව සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණා. 
 
මෙම සිදුවීම එහි දිගුවක් ලෙසයි වාර්තා වන්නේ.
(colombotimes.lk)