colombotimes.lk
සිංහල | English

06 October 2024


ඩීසල් දුම්රිය එන්ජින් 22ක් පරිත්‍යාගයට ඉන්දියාව සැරසෙයි



ඇමරිකානු ඩොලර් මිලියන 61.5ක ප්‍රදානයක් මඟින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ එක්දින නිල සංචාරයක් සඳහා ඊයේ (04) දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.

එමෙන්ම නිම කරන ලද ණය රේඛීය ව්‍යාපෘති 7ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20ක ගෙවීම් ප්‍රදාන බවට පරිවර්තනය කළ හැකි බවත් ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)